“මෙහෙවර අභිනන්දන” උළෙලට ජනපති එක්වේ

මාර් 08, 2020

    හිටපු අමාත්‍ය රෝහිත අරේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට විසිතුන් වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ “තුන්විසි වසක මෙහෙවර අභිනන්දන” ඇගැයුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ කළුතර දී පැවැත්විණ.

    රෝහිත අරේගුණවර්ධන මහතාගේ දේශපාලන ගමන් මඟ අලලා ලියැවුණු කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. නැවක කපිතාන් වරයෙකුගේ දක්ෂතාවය හඳුනා ගැනීමට හැකිවන්නේ නිහඬ මුහුදක නොව චණ්ඩ මාරුත අවස්ථාවකදී ය. එලෙස රෝහිත අරේගුණවර්ධන මහතා ද පසුගිය වසර කිහිපරේදී විපක්‍ෂයේ සිට සිය කාර්යභාර්යය ඉටුකිරීමට කැපවූ දේශපාලඥයන් කිහිප ‍දෙනා අත සිය නායකත්ව හැකියාව කියා පෑමට සමත් වූ අයෙකු බව උත්සව සභාව ඇමතූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පැවිදි අනුශාසනාව පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙනේ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සිදු කළහ. වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරු ද උත්සව සභාව ඇමතූහ. දේශපාලන පක්ෂ නායකයෝ, මැති ඇමතිවරු සහ මහජන නියෝජිතයෝ ඇතුළු පිරිසක් ‍මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 18:42

    Latest News