කෘමින් රැස්කළ රැසියානු ජාතිකයාට මාංචු

මාර් 04, 2020

    ශ්‍රී ලංකාවට අවේණික කෘමින් ශාක හා බීජ වර්ග රැස් කරමින් සිටිය දී අත්අඩංගුවට ගැනුණු රුසියානු ජාතිකයින් තිදෙනා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමෝද ජයසේකර මහතා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුවයි. හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේදී මොවුන් විසින් ශ්‍රී ලංකාවට ආවේණික කෘමින් හා ශාක රැස් කරමින් සිට තිබේ. උද්‍යාන බාරකාර ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ. කටුස්සන්, සර්පයින්, ගෙම්බන්, මකුළුවන් ඇතුළු සත්ව විශේෂ 81ක් ඔවුන් සතුව තිබි සොයා ගැනිණ.

    එමෙන්ම, මෙරටට ආවේණික බිජ වර්ග 200කට අධික ප්‍රමාණයක් සහ ශාක වර්ග 7ක් හමුවී තිබේ. මොවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී ඒවා සොයා ගැනීමට හැකිවූ බවයි, උද්‍යාන බාරකරු පවසන්නේ. සතුන් අල්ලා ගැනීමට උපයෝගී කර ගත් උපකරණ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ. යාල, හබරන,මාතර යන ප්‍රදේශවල සංචාරය කරමින් මොවුන් මෙරටට අවේණික ජාන එක්රැස් කර ඇති බවයි, ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය විය.

    Last modified on බදාදා, 04 මාර්තු 2020 09:26

    Latest News