කොළඹ බාලිකා විද්‍යාල 2කට ඇතුළුවීමට තැත් කළ සිසුන් 20ක් අත්අඩංගුවට

මාර් 03, 2020

    කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලයකට බලහත්කාරයෙන් කඩා වැදුණු පාසල් සිසුන් 20 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    අද පෙරවරුවේ එම පිරිස මෙලෙස පාසල් භූමියට කඩා වැඳී ඇති බවයි වාර්තා වන්නේ. සිසුන් කණ්ඩායම ද කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලබන අය බවයි, පොලීසිය ප්‍රකාශ කළේ.
    මේ දිනවල පැවැත්වෙන වාර්ෂික පාසල් ක්‍රිකට් තරගවලට සහභාගී වන පිරිස් මෙලෙස බාලිකා පාසල්වලට කඩා වැදීමට පෙළඹීම මීට පෙර වසරවලදීත් වාර්තා විය. සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 11:57

    Latest News