මේ වසරේ සංචාරක ක්ෂේත්‍රයට නව අයෝජන 30ක්..ඇමති ප්‍රසන්න

මාර් 02, 2020

    මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමෙරිකානු ඩොලර් මිලියන 122ක සෘජු විදෙස් ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීම අරමුණයි.

    වත්මන් රජය පත්වීමෙන් පසු රුපියල් මිලියන හැටහය දහස් දෙසීය පනහක අපේක්ෂිත සංචාරක ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කිහිපයක් සඳහා අයදුම්පත් ඉදිරිපත්ව තිබේ. එය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 370ක්. කාමර 550ක් හා විලා 400ක් මේ යටතේ ඉදි කිරීමට නියමිතයි. එම ව්‍යාපෘති සඳහා අදාළ අනුමැතිය ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. දේශීය හා විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ප්‍රමුඛ අංශයක් වන්නේ, සංචාරක කර්මාන්තයයි. එම ක්ෂේත්‍රයේ අයෝජනවලට රජයට වැඩි අවධානයක් යොමු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 11:27

    Latest News