පිඹුරාගල කන්දේ ගින්නක්

මාර් 01, 2020

    හෙම්මාතගම ප්‍රදේශයේ පිහිටා ඇති පිඹුරාගල කන්දේ හටගත් ගින්නක් හේතුවෙන් එහි විශාල භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

    මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි තත්ත්වය හෙම්මාතගම ප්‍රදේශයටත් බලපා ඇති අතර ගස්කොලන් පවා මේ වන විට වියලී ගොස් ඇති ආකාරය දැකගැනීමට ලැබේ.

    මේ අතරතුර හෙම්මාතගම ප්‍රදේශයක පිහිටා ඇති පිඹුරාගල නමින් හඳුන්වන මෙම කන්ද ඊයේ (29) උදෑසන සිට ගිනිගනිම්න් තිබූ අතර රාත්‍රී වනතුරුත් සුළං තත්ත්වයේ දැඩි බව හේතුවෙන් නොකඩවා ඇවිලෙන ආකාරය දැකගැනීමට ලැබිණ.

    ගින්න පිඹුරාගල කන්දේ පහත් ප්‍රදේශයේ සිට ආරම්භ වී ඇති අතර වියලි කාලගුණික තත්ත්වය හා සුලං හේතුවෙන් ගින්න කන්දේ ඉහලටම පැතිරගොස් තිබේ.

    මෙම පිඹුරාගල කන්දේ මැඳ ස්ථරය විශාල ගල් පර්වතයකින් යුක්ත වීම නිසා ගස්කොලන් වැඩිපුර නොතිබීම හේතුවෙන් පහල ගම්මන පිහිටා ඇති ප්‍රදේශයට ගින්න පැතිරීම අවම වී ඇති අතර අද (1) දෑසන වන විට ගින්න ස්භාවිකවම නිවි යමින් පවතින ආකාය මේ වන විට දැකගැනීමට ලැබිණ.

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 10:38

    Latest News