ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව අප්‍රේල් 30

මාර් 22, 2021

    අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන අයට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් මස 30 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    ඒ, ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා අදාළ රුපියල් මිලියන 19ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින්.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

    එහිදී නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් මස 30 වනදා කැදවීමට ද අධිකරණය නියම කළා.

    ව්‍යජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 19 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන අයට එරෙහි ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News