කැළණි සරසවියෙන් එළියට ආ.. 'වියසිදුරු' (වීඩියෝ)

අගෝ 19, 2019
  • 'වියසිදුරු' චිත්‍රපටය නිර්මාණය වන්නේ, එතෙක් මෙතෙක් විශ්වවිද්‍යාලයකින් නිර්මාණය කළ, පළමු වෘත්තාන්ත සිනමා චිත්‍රපටය විදිහටයි.

    කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නාට්‍ය හා රංගකලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යන ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සිසුන්ගේ නිර්මාණයක් විදියටයි, වියසිදුරු සිනමාපටය ඉදිරිපත් වන්නේ.

    මෙහි අධ්‍යක්ෂවරයා හා තිරරචකයා වන්නේ, මෙම පාඨමාලාවේ අධ්‍යයන සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන, කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි,ක්‍රයිම්,ත්‍රිලර්,රොමෑන්ස් යන ශානරයන්හි ලක්ෂ වියසිදුරුවලින් ප්‍රකට වෙයි. රංගනයෙන් දායක වන්නේ, කළණ ගුණසේකර,  ශලනි තාරුකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න,ධර්මප්‍රිය ඩයස්, සංජීව දිසානායක වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්. මෙ සිනමාපටය ළඟදීම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකාගාරයට මුදාහැරීමට අපේක්ෂිතයි. 

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 11:49

    Latest News