ප්‍රගතිශිලී පෙරමුණේ ජයග්‍රහණය අපි ළඟ තියෙනවා; නලින් බණ්ඩාර

පෙබ 28, 2020

    පාක්‍ෂිකයන්ගේ මානසිකත්වය බිඳ දැමීමට පක්‍ෂය අභ්‍යන්තරයේම පිරිසක් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසති.

    පක්‍ෂ අර්බුදය ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා....

    එළඹෙන මහ මැතිවරණයේදී සමගි බලවේගය කියන අලුත් වැඩපිළිවෙළක්. පාර්ලිමේන්තුවට බලය දීලා. මේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්න පුලුවන් කණ්ඩායම විධියට විශ්වාස කරලා, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ ප්‍රගතිශිලී පෙරමුණට ජයග්‍රහණය අරන් දෙයි කියලා විශ්වාසය අපි ළඟ තියෙනවා“ යැයි නලින් බණ්ඩාර මහතා පැවසීය.

    නිරෝෂන් පෙරේරා මහතා ...

    මහ මැතිවරණයෙන් ගොඩ එන්න නම් එක්සත් ජාතික පක්‍ෂය කඩා බිඳලා දමලා, භේද භින්න කරලා. එක්සත් ජාතික පක්‍ෂය මහ මැතිවරණයෙන් වට්ටන්න ඕනේ. මේක එලියේ ඉඳලා කරන්න අමාරුයි. එක්සත් ජාතික පක්‍ෂය ඇතුලේ ඉන්න සමහර බලවේග දැන් වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. සුලු කාරණා අල්ලගෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මනස වට්ටන්නට කටයුතු කරනවා“ යැයි නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 28 පෙබරවාරි 2020 20:33

    Latest News