MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

පෙබ 28, 2020

    සහස්‍ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මහින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශ සළකා බලා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදීය.

    Latest News