නව ගුවන් නියමු පුහුණු ආයතන 2ක්

පෙබ 26, 2020

    මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන දෙකක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ ලොව පුරා ගුවන් සේවා ආශ්‍රිත අධ්‍යාපනය සඳහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින්. මේ සඳහා වන යෝජනාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවයි, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. මෙම ආයතන දෙක පිහිටුවීම සඳහා අවශ්‍ය විශාල ගුවන් යානා නැවතුම් අංගන පහසුකම් රත්මලාන ගුවන්තොටුපොළ සතුයි.

    ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය අවශ්‍ය ඉඩම් මත්තල, මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොළ සතුව පවතින බව, කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ආරම්භ කිරීමට අපේක්ෂිත නව පුහුණු ආයතන දෙක සඳහා ඩුබායි,තායිලන්තය,මියන්මාරය වැනි රටවලින් විදෙස් සිසුන් ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් ද පවතියි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා ගුවන් සේවා කර්මාන්තය හා වෙළෙඳපොළ තුළ දැනුම හුවමාරු කිරීමේ ප්‍රවේශයක් හඳුන්වා දීමට මෙය ඉවහල් වනු ඇති.

    Latest News