ඕමන්ද රිය අනතුරකින් 5ක් මරුට

පෙබ 24, 2020

    මහනුවර - යාපනය ඒ 09 මාර්ගයේ ඕමන්ද, 118 වැනි සැතපුම් කණුව අසළ දී සිදුවූ අනතුරකින් 5 දෙනෙකු මියගොස් තිබේ.

    අනතුර සිදුවූයේ, ඊයේ රාත්‍රී 8.30ට පමණ. තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ වව්නියාව සිට යාපනය දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.

    අනතුරින් පසුව රථ දෙකම ගිනිගෙන විනාශ වූ බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කෙරිණ. ඔවුන්ගේ කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බවයි, අප වාර්තාකරු සඳහන් කළේය. මියගිය අය අතර වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු හා කාන්තාවක් ද වෙයි.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 07:57

    Latest News