කොළඹ කොටුව - මරදාන දුම්රිය ස්ථානයත් විෂබීජානුහරණයට (වීඩියෝ)

මාර් 22, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයිනපුරා තවදුරටත් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මකයි.

    එහි විශේෂ අවධානය යොමු කර ඇත්තේ, පොදු ප්‍රවාහන සහ ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථාන වෙතයි. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ හා කොටුව හා මරදාන දුම්රිය ස්ථාන පවිත්‍ර කරමින් විෂබීජානුහරණය කිරීම අද උදෑසන සිදු කෙරිණ. ඒ කොරෝනා නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ මග පෙන්වීම යටතේ
    කන්තලේ දුම්රිය ස්ථානය හා බස් නැවතුම්පොළ විෂබීජානුහරණය හා පවිත්‍ර කිරීම ඊයේ සිදු කෙරිණ. ඒ සිවිල් ආරක්ෂක බලකායේ මූලිකත්වයෙන්.

    බලපිටිය රෝහල හා ඒ අවට ප්‍රදේශය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ද ඊයේ පැවැත්විණ. රෝගීන් ගැවසෙන ස්ථාන, රෝගී පුද්ගලයන් රැගෙන යන බස් රථ ආදී සියල්ල මෙහිදී විෂබීජානුහරණයට ලක් කෙරිණ.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 13:54

    Latest News