දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මුදල් අවභාවිතය ගැන කඩිනම් පරීක්ෂණයක්...ඇමති මහින්ද

පෙබ 18, 2020

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    පරීක්ෂණ ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇත්තේ, විෂය බාර අමාත්‍ය මහින්ද අමරවීර මහතායි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කළේ යැයි වෘත්තීය සමිති සන්ධානය චෝදනා කළේය.

    එම චෝදනාවලට අනූව රජයෙන් ලබා දෙන ඉන්ධන දීමනාව ලබා ගනිමින් ඊට අමතරව දෙපාර්තමේන්තුව සතු වාහන යොදා ගනිමින් රාජකාරී හා පෞද්ගලික ගමන් බිමන් සිදුකර ඇති බව සඳහන්. අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්,ගාමිණී සෙනෙවිරත්න මහතා පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 12:23

    Latest News