බලපිටියේ දී වෙඩි වැදුණු පුද්ගලයා මියයයි

පෙබ 18, 2020

    අහුංගල්ල,වැලිවතුගොඩ,බලපිටිය ප්‍රදේශයේ ඊයේ (17) සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අද (18) අළුයම 3.20ට පමණ මියගොස් තිබේ.

    36 හැවිරිදි ඔහු වැලිවතුගොඩ,බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ උදෑසන 6.50ට පමණ මෙම පුද්ගලයාට වෙඩි තබා පළාගොස් තිබේ. අනතුරුව ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කෙරිණ.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 07:45

    Latest News