මාරවිල තෙල් මෝලක් ගිනිබත් වෙයි

පෙබ 18, 2020

    මාරවිල,හාල්පන්විල ප්‍රදේශයේ පිහිටි තෙල් මෝලක හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න හට ගැනුණේ ඊයේ (17) රාත්‍රී 10.30 පමණ.

    මාරවිල පොලීසිය සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න පැතිර යාම පාලන කිරීමට කටයුතු කෙරිණ. ගින්නෙන් එහි තිබූ භාණ්ඩ රැසක් විනාශයට පත්ව තිබේ.
    ගින්න හේතුවෙන් කිසිවෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව පොලීසිය පවසයි. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ ගින්න සිදුවී ඇති අලාභයද තක්සේරු කර නොමැත.

    Latest News