ජනාධිපතිතුමා කොළඹ වරාය නගරයේ නිරීක්ෂණයක

පෙබ 16, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (16) දහවල් කොළඹ වරාය නගරය නිරීක්ෂණය කළේය.

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇරඹි ජාතික නීති සම්මේලනයේ දී කොළඹ වරාය නගර සැලැස්ම කෙරෙහි අවධානය යොමු කෙරිණ. ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස මෙය ඉදිකෙරේ. ගොඩකිරිම් සහ යටිතල පහසුකම් සඳහා China Communication Construction සමාගම වැය කිරීමට අපේක්ෂිත මුදල අමරිකානු ඩොලර් බිලියන 1.4කි. ගොඩනැගිලි සංකීර්ණ වෙනුවෙන් තවත් අ‍මෙරිකානු ඩොලර් මිලියන 15ක් වැය කෙරේ.

    නව භූමියට අදාළව සැකසූ නීති කෙටුම්පත් විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කර ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. සේවාවන් උදෙසා වූ ප්‍රථම විශේෂ ආර්ථික සේවා කලාපය මෙයයි. නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ China Communication Construction සමාගම ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. ගොඩනැගිලි ඉදිකිරීම් මේ වසර මැද ඇරඹේ. පළමු අදියර 2023 වසරේදී නිම කිරීමට අපේක්ෂිතය.

    Latest News