මණ්ඩතිව් කලපුවේ කඩොලාන කැපූ සැකකරු අල්ලයි

පෙබ 17, 2020

    කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ඊයේ නාවික හමුදා බාරයට ගෙන තිබේ.

    ඒ නාවික හමුදාව මණ්ඩතිව් කලපු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී. නාවික හමුදා බාරයට ගැනුණු පුද්ගලයා වයස අවුරුදු 41ක යාපනය,ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සහ කපා තිබූ කඩොලාන ශාක,ඩිංගි යාත්‍රාව හා පිටත දහන යන්ත්‍රය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය අඩවි වන නිලධාරී කාර්යාලය වෙත බාර දී තිබේ.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 08:04

    Latest News