ධීවර සහ නාවුක ප්රජාවට මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනේ බොහෝ ප්රදේශවලවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා වන තරමක් තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැක.
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48 ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇත. එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරේ.
ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්රදේශවල තද වැසි සහ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.
හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස උපදෙස් දෙනු ලැබේ. (දෙසැම්බර් මස 15 දක්වා)
හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්රිකුණාමලය දක්වා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ගැඹුරු මුහුදු ප්රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.
දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්රදේශ රළු විය හැක.
දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එවිට, එම මුහුදු ප්රදේශ තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව රළු විය හැක.