කොටුව මහේස්ත්‍රාත්ගෙන් CID යට චෝදනාවක්

දෙසැ 11, 2018

    ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා වැනි නඩුවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනි නොසිටීමෙන් එම පාරික්ෂණ සම්බන්ධව ඇති වටිනාකම මැනිය හැකි බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහත අද අවධාරණය කර තිබේ.

    ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පිරිසක් ඝාතන කුමන්ත්‍රණ නඩු අද කැඳවු අතර එහි පැමිණිළිකාර පාර්ශවය වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

    එ අනුව ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පිරිසක් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ත්‍රස්ත විමර්ශන අංශය හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දියානු ජාතිකයා ලබන දෙසැම්බර් මස 19 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ. ඒ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.

    රහස් පොලිසියට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටිමට නොතීසි නිකුත් කෙරිණ. ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන බරපතල තත්වයක් යටතේ පැමිණිල්ල පෙනී නොසිටීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

    නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා තම සේවා දායකයාට ඇප ලබා දෙන ලෙසට ඉකුත් නඩු දිනයේ කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ඉදිරි දිනක ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කෙරිණ. ඉන්දියන් ජාතිකයා සම්බන්ධයෙන් ඉදිරිපත් පත් කළ මානසික වෛද්‍ය වාර්තාවට අනුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කළේය.

    නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ නාමල් කුමාරගේ දුරකතන සංවාද124 න් 123 ක් සැසදී ඇති බවට මීට පෙර අධිකරණයට ඉදිරිපත් කල රජයේ රස පරීක්ෂක වාර්තාව දක්වා තිබේ.

    Latest News