හිටපු අගමැති රනිල්ගේ මන්ත්‍රී ධුරය ගැලවීමේ උත්සාහයක්

දෙසැ 11, 2018

    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ආයතනයක අධ්‍යක්‍ෂ ධූරයක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට එරෙහිව අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.

    යුක්තිය උදෙසා කාන්තා සංවිධානයේ සම සභාපති ෂාමිලා ගෝනවල විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. ප්‍රසිද්ධ ආයතනවල ගිවිසුම්ගතව මූල්‍ය වාසි අත්විඳීම මන්ත්‍රීවරයෙකු ලෙස නීති විරෝධි බවයි, ඇය මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.

    පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු යුක්තිය උදෙසා කාන්තා සංවිධානයේ සම සභාපතිනිය අදහස් පළ කරමින් - “රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ක්‍රෝවොරෙන්තු ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අපි නඩුවක් ගොනු කළා. මේ වගේම නඩුවක් රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාට විරුද්ධව ගොනු කරලා,

    ඒ අවස්ථාවේ රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුණා. අපි මේ නඩුවෙන් උසාවියට කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා කිසිම තැනක සඳහනක් නොකර, අනාවරණයක් නොකර එතුමා රටේ ප්‍රසිද්ධ ආයතනය අධ්‍යක්‍ෂ ධූරයක් දරමින් කොටස් හොබවමින් රටේ ප්‍රසිද්ධ ආයතන සමඟ ගිවිසුම් ගතවෙලා ඒ හරහා මුල්‍යමය වාසි ලබාගෙන තිබෙනවා. ඒ නිසා එතුමාගේ මන්ත්‍රීධූරය අපි අභියෝගයට ලක් කරනවා ඒ වගේම පාර්ලිමේන්තුව තුළ එතුමාට ඡන්දය පාව්ච්චි කිරිමට තියෙන අයිතියත් අපි අභියෝගයට ලක් කරනවා“.

     

     

     

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 08:32

    Latest News