ප්‍රශ්න පත්‍ර පටලැවිල්ලකින් සිසුන්ට අසිරුතාවක්

දෙසැ 11, 2018

    අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසැලේ සහ අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ අද පැවැත්වුනු සෞන්දර්ය විෂයට අදාල ප්‍රශ්න පත්‍ර නිසි වේලාවට නොලැබිම නිසා එම විදුහල්වල විභාගයට සිටි පාසැල් දරුවන් අපහසුතාවයට පත්වි තිබේ.

    අම්පාර ඩි.එස්.සේනානායක ජාතික පාසැලේ ළමන් 150 දෙනෙකු සහ අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ ළමුන් 145 දෙනෙකු මෙම තත්වයට මුහුණ් දි ඇත.

    අම්පාර ඩි. එස්. සේනානායක ජාතික පාසැලේ සිසුන්ට විභාගය අවට විභාග මධ්‍යස්ථාන වලින් ප්‍රශ්න පත්‍ර ගෙන්වා 8.45 ට පමන ආරම්භ කර ඇති අතර අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ සිසුවියන්ට ප්‍රශ්න පත්‍ර ලබාදිම පෙ‍රවරු 10.10 සිදු කරනු ලැබිය. අම්පාරට ලැබිය යුතු ප්‍රශ්න පත්‍ර මොණරාගල ප්‍රදේශයට මාරුවිම මෙයට හේතුවු බව අධ්‍යාපන දෙපාර්මේන්තුවේ පවසයි.

    අද පෙරවරුවේ මෙම ප්‍රශ්න පත්‍ර බෑගය විවර කර ප්‍රශ්න පත්‍ර යෑවිමට සුදානම් වෙන අවස්තාවේ එවායේ අඩුවක් දැක ඇති එම ප්‍රශ්න පත්‍ර අංක අනුව මෙම පාර්සලය මොණරාගල ගොස් ඇති බව අම්පාර අධ්‍යාපන බලධාරින් නිගමනය කර ඇත. ඒ සමගම මොණරාගල අධ්‍යාපන කාර්යාලයෙන්ද මේ පිලිබදව අම්පාරට දැනුම් දි තිබේ. එ අනුව මොණරාගල කාර්යාලයේ නිළධාරින් එම පාර්සල් රැගෙන අම්පාරට පිටත්වි ඇති අතර අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක විමලසේන මද්දුමආරච්චි මහතා අම්පාර සිට මොණරාගල දක්වා පිටත්ව තිබේ.

    පසුව දොඹගහවෙල ප්‍රදේශයේදි මොණරාගල ජීප් රථයෙන් ප්‍රශ්න පත්‍ර ලබාගෙන එය අම්පාර දක්වා කඩිනමින් රැගෙන ඒමට අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක විමලසේන මද්දුමආරච්චි කටයුතු කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර කඩිනමින් රැගෙන ඒම සදහා පොලිස් පෙර ගමන් රථයක්ද යෙදවිමට අම්පාර පොලීසිය කටයුතු කෙරිණ.

    Latest News