රත්නප්‍රියට එරෙහිව පරීක්‍ෂණයක්

දෙසැ 11, 2018

    පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ඒ, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි. සමන් රත්නප්‍රිය පසුගිය 06 වැනිදා මාධ්‍ය සාකච්ජාවකදී රට තුළ අරගලයක් නිර්මාණය වන අන්දමේ හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් සිදු කර ඇති බව, උපුල් නිශාන්ත ගොනු කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

    ඒ අනුව, විශේෂ විමර්ශන කණ්ඩායමක් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකට අනුව යොදවා ඇති බවයි, පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම විශේෂ විමර්ශන ඒකකය විසින් පැමිණිළිකරු වන උපුල් නිශාන්තගෙන් දීර්ඝ ප්‍රකාශයක් සහ තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගෙන තිබේ.

    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එම ප්‍රකාශය සම්බන්ධව රූපවාහිනි නාලිකාවල සංස්කරණය නොකළ දර්ශන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News