වී අලෙවි මණ්ඩලය, අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනිම ආරම්භයි (වීඩියෝ)

පෙබ 10, 2020
  • මෙවර මහ කන්නයේ වී අස්වනු, වී අලෙවි මණ්ඩලය මගින් මීලදි ගැනීම සම්බන්ධයෙන් ගොවි ජනතාව ප්‍රසාදය පලකර සිටිති.

    මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලිම ආරම්භ කර තිබෙන අතර එම වී, වී අලෙවි මණ්ඩලය මගින් මීලදි ගැනිම ද ආරම්භ ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    ඉකුත් වසරවල වී අස්වැන්න නෙලාගත් පසුව දින ගණනාවක් ගිය පසුව වී මිලදීගැනිම ඇරඹුන බවත් එම නිසා ඉතා අඩු මිලකට වී අලෙවි කිරීම හේතුවෙන් තමන් ගැටළු ගණනාවකට මුහුණු දුන් බව ගොවීහු පවසා සිටිති. මේ වන විට අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සහ වී අලෙවි මණ්ඩලයට අනුබද්ධ පෞද්ගලික වෙළදුන් විසින් වී මේට්‍රික් ටොන් පන්සියක ප්‍රමාණයක මිලදී ගෙන ඇති බව අම්පාර දිස්ත්‍රික්ලේකම් ඩී. එම්. එල් බණ්ඩාරනායක මහතා සඳහන් කරයි.

    නියමිත ප්‍රමිතියෙන් යුතුව වී අලෙවි මණ්ඩලය සම්බා සහ නාඩු වී රුපියල් පනහක මුදලකට මිළදි ගනු ලබන අතර නියමිත වියලි ප්‍රමිතියෙන් තොර වී, වී අලෙවි මණ්ඩලයට අනුබද්ධව කටයුතු කරන පෞද්ගලක අංශය මගින් රුපියල් 44ක මුදලකට මිළදි ගනු ලබයි.

    මෙවර රජය විසින් රුපියල් පනහක මිලකට වී කිලෝවක් මිළදි ගැනිම හේතුවෙන් ගොවි ජනතාවට තම ආරථිකමය වශයෙන් මුහුණු දෙන ගැටළු රැසකට විසදුම් ලැබුණ බවත් ඔවුහු සතුටින් ප්‍රකාශ කර සිටිති. රජය විසින් රුපියල් පනහක ස්ථාවර වී මිළදි ගැනිමක් සිදු කිරිමත් සමග අද වන විට අම්පාර දිස්ත්‍රික්කයේ පෞද්ගලික වෙලදුන්ද රුපියල් හතලිස් නවයක මුදලකට වී මිළදි ගැනිමට පෙළඹි සිටිති.

    ගොවීන් නියමිත ප්‍රමිතියෙන් යුතුව වෙලා ගත් වී තොග අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා කරා රැගෙන එන අකාරය දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කරයි. වී අස්වනු නෙලිමේ මුල් අදියර යටතේ මේ වන විට වී අලෙවි මණ්ඩලය කරා රැගෙන එන ගොවින් ප්‍රමාණය අඩු වුවද ඉදිරි සති කීපය තුල වී අලෙවි කරනු ලබන ගොවින් ප්‍රමාණය වැඩි විය හැකී බව අම්පාර දිසාපති ඩි.එම්.එල්.බණ්ඩාරණායක මහතා සදහන් කර සිටියි.

    කුඹුරු හිමියන් අසවැන්න නොලා ගත් පසු වී අලෙවි මණ්ඩලය වෙත නියමිත ප්‍රමිතියෙන් ලබා දිම සඳහා තම වී වේලන අකාරය ද මේ දිනවල දක්නට ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

    වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය කළමණාකරු ශාන්ත කුමාර මහතා පවසා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ වී මිළදි ගැනිම සදහා තම වී ගබඩා සියල්ල සුදානම් කර ඇති බවයි. එමෙන්ම නිවඩු දිනවලද වී මිළදිගැනිමට ගොවින්ට පහසුකම් සපයා ඇති බවත් මුදල් ලබා ගැනිමෙදි මුල්‍ය ආයතනද නිවාඩු දිනවලදි ද මුදල් ලබාදිමට කටයුතු සලසා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 20:24

    Latest News