දුම්රිය සේවකයන් ස්ථිර කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා; අමාත්‍ය අමරවීර

පෙබ 10, 2020

    රත්මලාන දුම්රිය වැඩබිම් අංගනයේ, සේවක ගැටලු විසඳීමට රජය විධිමත් පියවර ගෙන ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, රත්මලාන දුම්රිය වැඩබිම් අංගනයේ සේවක-සේවිකාවන් උද්ඝෝෂණයක නිරතවූ අවස්ථාවේ එහි කළ චාරිකාවකදී. අද උදේ එම ස්ථානයට ගිය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සේවකයන් ස්ථිර කිරීම සඳහා මේ වනවිටත් කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවයි. අනතුරුව උද්ඝෝෂණයේ නිරත වූ පිරිස විසිර ගියේය. අමාත්‍යවරයා රත්මලාන දුම්රිය අංගනයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.

    Latest News