රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරයට යළිත් ලසන්ත අලගියවන්න

පෙබ 07, 2020

    රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපතිත්වයට රාජ්‍ය කළමණාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යළි පත්කර තිබේ.

    ඒ 08 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයට අදාළවයි. මීට පෙර පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ද සභාපතීත්වය දරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසිනි.

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) රැස්වූ එම කාරක සභාවේ සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු චන්දිම වීරක්කොඩි මහතා එය ස්ථීර කළේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා සාමාජිකයින් පත් කරනු ලැබිණි.

    අද කාරක සභාව රැස්වූ අවස්ථාවට කමිටු සාමාජිකයන් වන අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, දුමින්ද දිසානායක,චන්දිම වීරක්කොඩි, උදය ප්‍රභාත් ගම්මන්පිල, නලින්ද ජයතිස්ස, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

    Latest News