තෙදින නිල වාරිකාවකට අගමැති අද ඉන්දියාවට (වීඩියෝ)

පෙබ 07, 2020
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෙදින නිල චාරිකාවක් සඳහා ඉන්දියාව බලා අද රාත්‍රී පිටත්ව යාමට නියමිතයි.

    ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ අරාධනයකට අනූවයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත්මෛන් පසුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙයයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම්නාන් කෝවින්ද්, විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය සුබ්‍රමණියම් ජයිශංකර් ඇතුළු ඉහළ දේශපාලන අධිකාරිය හමුවී සාකච්ජා කිරීමට අපේක්ෂිතයි. දේශපාලන, වෙළඳ,ආරක්ෂ,සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රවල පවතින සබඳතා තවත් ශක්තිමත් කිරීම සාකච්ජාවල අරමුණයි.

    ඉන්දු ශ්‍රී ලංකා වාර්ෂික ආරක්ෂක සංවාදය හා ශ්‍රී ලංකාව,ඉන්දියාව හා මාලදිවයින අතර ත්‍රෛයි පාර්ශවික සාගර ආරක්ෂා සහයෝගීතාව සම්බන්ධයෙන් ද ඉන්දු - ශ්‍රී ලංකා නියෝජිතයන් අවධානය යොමු කිරීමට අපේක්ෂිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාරණාසි,සාරනාත්,බුද්ධගයා හා තිරුපති ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 20:09

    Latest News