සාම්පල් 12ක් 11ක්ම කොරෝනා වෛරසයෙන් තොරයි..MRI

ජන 30, 2020

    වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත මේ දක්වා ලැබුණු සාම්පල 12න් 11ක්ම කොරෝනා වෛරසයෙන් තොර බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

    කොරෝනා වෛරසය ආසාදනය වී අයිඩීඑස් රෝහලේ ප්‍රතිකාර ලබන චීන කාන්තාවගේ සෞඛ්‍ය ද සුව අතට හැරෙමින් පවතින බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර පසුගිය දින 4 තුළ චීනයේ සිට සිසුන් 448 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 661 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ මේ දක්වා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවයි. ඒ සඳහා ජනතාවගේ දායකත්වය තවදුරටත් අත්‍යවශ්‍ය බව අප කළ විමසීමක දී ඔහු කියා සිටියේය. අනියත බියක් ඇති කර නොගෙන සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් අනූව කටයුතු කරන ලෙස ඉල්ලීමක් කෙරේ. සැක සහිත රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම ළඟම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ගොස් අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දෙයි.

    Latest News