අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන්, බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ආශ්රිත පරීක්ෂාවක් ඊයේ සිදු කළේය. මෙම වැඩ බිමේ චීන ජාතිකයන් ඇතුළු 75 දෙනෙකු සේවය කරයි. පසුගිය 20 වැනි දිනෙන් පසු දිවයිනට පැමිණි බවට හඳුනා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු ද පරීක්ෂාව සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.