7 වැනි දිනටත් වතුකරේ අරගලයේ (ඡායාරූප)

දෙසැ 10, 2018

    තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හත්වන දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මකයි.

    ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් වතුකරය පුරා ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජන වෘත්තිස සමිති ක්‍රියාමාර්ගයට වතුකරයේ සෙසු වෘත්තිය සමතිවල සහයෝගයත් අද (10) සිට ලබා දිමට එම වෘත්තිය සමිති නායකයින් තිරණය කර තිබේ.

    මෙම වැඩ වර්ජනයට සමගාමිව වතු කම්කරුවන් තම වතු යායේ තේ කර්මාන්ත ශාලව ඉදිරිපිටට පැමිණ වතු සමාගම්වලට එරෙහිව ටයර් පුළුස්සා සිය විරෝධය දක්වනු ලැබුවා.

    වතු කම්කරුවෙකුට වතු සමාගම් විසින් දැනට දිනකට ගෙවන මුලික වැටුප වන රු 530 වැටුප රු 600 දක්වාත් දැනට පැමිණිමේ දිමනාව වශයෙන්  ගෙවන රු  60 දිමනාව රු 140 දක්වාත් වැඩි කර දිනකට වතු කම්කරුවෙකුට රු 1012 ක වැටුපක් ලබා දිමට  වතු සමාගම් විසින් වතු එකාබද්ධ  වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර ඇති යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත.

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමණ් මහතා ඊයේ (09) පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ මාධ්‍යය හමුවක් පවත්වමින් කියා සිටියේ වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින මුන ගැසි ඉල්ලිමක් කරන බවයි.

    වතු සමාගම් එම වැටුප ලබාදෙන තෙක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි තෝණ්ඩමන් මහතා කියා සිටියේ.

    DSC06708

    DSC06709

    DSC06693

    Latest News