උඩරට දුම්රිය ධාවනයට තවමත් බාධා

දෙසැ 10, 2018

    පීලි පැනීමක් නිසා ධාවනය බාධා සිදුව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කටයුතු මේ වන විට යථා තත්වයට කෙරෙමින් පවතින බව, දුම්රිය පාලන මැදිරිය පවසයි. 

    මේ හේතුවෙන් දුම්රිය ධාවනය බණ්ඩාරවෙල දක්වා සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඊයේ පස්වරු 5.30ට පමණ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය කිණිගම බිංගෙය අසළදී පීලි පැනීමට ලක්විය.

    දුම්රිය බිංගෙය තුළ සිරවූ අතර, දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුවිය. රේල්පීල්ලක් කැඩී යාමෙන් අනතුර සිදුවිය. මේ නිසා සිල්පර කොටන් 75ක් පමණ විනාශ වී තිබේ. අනතුරින් කිසිවෙකුට තුවාල සිදු නොවූ අතර, පැමිණි මගීන් බස් රථ මගින් බදුල්ල දක්වා ප්‍රවාහනය කෙරුණි. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද තාවකාලිකව ප්‍රමාද කිරීමට සිදුව තිබේ.

    Latest News