වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු සහන ජනතාවට

ජන 29, 2020

    ඉවත් කරන ලද විදුලි සංදේශ, වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සහන පාරිභෝගික ජනතාවට ලබාදීම පසුගිය දෙසැම්බර් 01 වැනිදා සිටි ක්‍රියාත්මක බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

    ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා බලයට පත්වීමෙන් අනතුරුව පාරිභෝගික ජනතාවට විශේෂ සහනයක් ලබාදීමට බදු කිහිපයක් ඉවත් කළේය. අඩු කළ විදුලි සංදේශ බදු සහනය එම පාරිභෝගික ජනතාවට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සේවා දායක සමාගම්වලට දන්වා තිබේ. බදු සහන ක්ෂණිකව ලබාදීමට ක්‍රියාකිරීමේ දී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතු විය. පෙර ගෙවුම් පැකේජ කිහිපයක බදු අඩු වීමේ ප්‍රමාණයට සාපේක්ෂව පැවති මිලටම ලබාදෙන සේවා ප්‍රමාණ වැඩි කර එම සහනය පාරිභෝගිකයන්ට ලබාදීමට නියමිතයි.

    පසු ගෙවුම් පාරිභෝගිකයන්ගේ දෙසැම්බර් බිල්පතෙන් අදාළ බදු අඩු කිරීමක් සිදු කර නොමැති අවස්ථා ද තිබිය හැකි බව කොමිෂන් සභාව පවසයි. එලෙස වැඩිපුර මුදල් අයකර ඇත්නම් ඒවා ජනවාරි මස බිල්පතෙන් අඩු කිරීමට නියමිතයි. කොමිෂන් සභාවේ උපදෙස්වලට පරිභාහිරව පාරිභෝගිකයන්ගෙන් වැඩිදුර බදු අය කරන්නේ නම් ඒ පිළිබඳ දැනුම් දිය හැකි බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක මහතා පවසන්නේ.

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 14:49

    Latest News