වතු කම්කරු වර්ජනය විසඳීමට තොන්ඩමන්ගෙන් යෝජනාවක්

දෙසැ 09, 2018

    වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු1000 දක්වා වැඩි කිරිම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග හෙට (10) දින සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගන් තොණ්ඩමණ් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ඉදිරියට ගන්නා වෘත්තිය සමිති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අද (09) පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය සාකච්ඡාවේදිය.

    වතු කම්කරුවන් දෛනික මුලික වැටුප රු 1000 ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද 6 වෙනි දිනටත් ක්‍රියාත්මකවේ. හෙට (10) දින සිට එම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට වතු කරය නියෝජනය කරන සෙසු වෘත්තිය සමිතිවල සහයෝගය ලබාදිමට එකගවි තිබේ.

    වතු කම්කරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරමින් සිටින අවස්තාවේ ශ්‍රේෂ්ටාධිකරණ අතුරු තහනම් නියෝගය හේතුවෙන් එම සාකච්ඡාව ඇණ හිටි බව ආරුමුගන් තොණ්ඩමණ් මහතා මෙහිදි කියා සිටියේය. වතු සමාගම් වතු කම්කරුවෙකුට දැනට ගෙවන රු 530 දෛනික මුලික වැටුප රු 600 දක්වා වැඩි කර සියළුම දිමනා සමග රු 1012 වැටුපක් ලබාදෙන බවට ඉදිරිපත් කල යෝජනාව තමන් පිලිගන්නේ නැති බව ඔහු පැවසියිය.

    තමන් ඉල්ලන රු 1000 දෛනික මුලික වැටුප වතු සමාගම්වලට ලබාදිමට හැකියාව තිබියදි එම මුදල ලබා නොදෙන්නේ නම් තේ වතු යලිත් රජයට භාර දිය යුතු බවයි තොණ්ඩමණ් මහතා කියා සිටින්නේය.

    Latest News