වතු කම්කරුවන්ගේ රු.1,000 යෝජනාව පඩි පාලක සභාව ස්ථීර කරයි

මාර් 02, 2021

    වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට ගෙනආ යෝජනාව පඩි පාලක සභාව ස්ථිර කර තිබේ. ඒ, ඊයේ පැවති සාකච්ඡාවේදීය.

    ඒ අනුව, වතු සේවක දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කරන ගැසට් නිවේදනය සතියක් තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේය.

    අදාළ යෝජනාවට විරෝධතා ලබාදීමට, පසුගිය 15 වැනිදා දක්වා කල් දී තිබූ බවයි,ඔහු පැවසුවේ. 

    ඒ අන‍ූව, වතු සේවක දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන්වරුන්ගෙන් විරෝධතා 197ක් ඉදිරිපත්ව තිබුණි.

    එම විරෝධතා සලකා බැලීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව, ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේය.

    Latest News