වතු කම්කරුවන්ටත් රජයෙන් බඩු මල්ලක්

අප්‍රේ 08, 2020

    පැතිරයන කොරෝනා වෛරස අවධානමත් සමග රජය සහ තේ වතු සමාගම් එක්ව වතු කම්කරුවන්ට රුපියල් තුන්දහසක් වටිනා වියළි සලාක මල්ලක් ලබා දිමේ වැඩපිලිවෙලක් මේ වන විට ආරම්භ කර තිබේ.

    සැම තේ වත්තකම වැඩ කරන වතු කම්කරුවෙකුටම දින 10 කට වතාවක් රුපියල් තුන්දහසක වියළි සලාක මල්ලක් ලබාදෙන අතර ඒ අනූව මසකට තුන් වතාවක් ඔවුන්ට මෙය හිමිවනු ඇති.

    වියළි සලාක මල්ල ලබා දිම සදහා රජය විසින් රු.1500 ක් ද වතු සමාගම විසින් රු.1500 මුදලක්ද වැය කර තිබේ.

    Latest News