බේරුවල නිවසකින් අවි ආයුධ තොගයක් සොයා ගැනේ

දෙසැ 09, 2018

    බේරුවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී විවිධ වර්ගයේ ගිනි අවි 13ක් සහ පතරොම් විශාල ප්‍රමාණයක් කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

    කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු තොරතුරක් මත බදුරලිය-කලවාන මාර්ගයේ ලබුදොල හන්දියේදී මෝටර් රථයක් පොලිස් නිලධාරීන් විසින් පරීක්‍ෂා කර ඇත. එම පරීක්‍ෂාවේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහන කරමින් තිබූ ගෝන මස් තොගයක් සොයා ගෙන ඇති අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

    මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී බේරුවල නිවසේ සඟවා තිබු අවි ආයුධ පිළිබඳව අනාවරණය කර ඇත. ඒ අනුව නිවස පරීක්‍ෂා කිරීමේදී බෝර 12 පතොරම් තුවක්කු 06ක්, මිලිමිටර් 2.5 වර්ගයේ ගිනි අවියක්, වායු තුවක්කුවක්, ආරක්‍ෂක අංශ භාවිතයට ගන්නා විශේෂිත ගිනි අවියක් සහ දුනු අවියක් ද ඇතුළු තවත් අවි ආයුධ ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News