ඩෙංගු කීටයින් විනාශ කිරීමට විෂ රහිත ක්‍රමයක්

ජන 23, 2020

    ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරීමට විෂ රහිත තිරසර ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා සමත්ව තිබේ. එමගින් මිනිසාට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් නොවන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

    පීටර් හේඩර් මහතා මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී. තණකොළ,කෙසෙල් කොළ වැනි හරිතපද තුළින් ක්ලෝරොපිල් ලබාගෙන, සාන්ද්‍රනයක් සාදාගත හැකි බව ඔහු පවසයි. එමගින් මදුරු කීටයන් විනාශ කළ හැකි අතර, මෙහි විෂ ගතියක් පෙන්නුම් කරන්නේ හිරු එළියට අනාවරණයවීමෙන් පමණයි. හිරු එළිය වැටීම හේතුවෙන් මදුරු කීටයා ඇතුළත මෙම විෂ සහිත ක්‍රියාවලිය සිදුවීමෙන් මර්දනය සිදුවන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

    හරිතප්‍රද මගින් මෙම සංයෝගය නිපදවා ඩෙංගු මර්දන ඒකකය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය සමග මෙම ක්‍රියාවලිය අත්හදා බැලීමට බලාපොරොත්තු වන බව ද පීටර් හේඩර් මහතා සඳහන් කරයි. අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ, විෂ රහිත මෙවැනි තිරසර ක්‍රමවේදයක් යොදා ගැනීමට හැකි නම්, එය ඉතා වැදගත් බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 09:36

    Latest News