යාපනය සරසවියේ වෛද්‍ය සිසුවියක ඝාතනය කෙරේ

ජන 22, 2020

    යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නෙයි කලපුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

    ඇයගේ පෙම්වතා බවට සැක කරන පුද්ගලයෙකු විසින් අදාළ ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි. පොලීසිය පැවසූවේ බේරුවල, බදනාගොඩ ජනපදයේ පදිංචි 29 හැවිරිදි සිසුවියක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පරන්තන් ප්‍රදේශයේ සේවය කළ කන්දේගම,බේරුවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Latest News