දිළිඳු පවුල්වල සරසවි වරම් ලද දරුවන්ටත් නිවාස

ජන 16, 2020

    දිළිඳුකම හේතුවෙන් අසරණව සිටින පවුල්වල සරසවි වරම් ලබන දරු - දැරියන්ට නිවාස ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බව, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

    තම උපාධිය දක්වා අධ්‍යාපන කටයුතු නිදහසේ සිදු කිරීමට අවශ්‍ය මානසිකත්වය නිර්මාණය කිරීම මෙහි අරමුණයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කිහිපයක ක්ෂේත්‍ර පරීක්ෂාවකට ඊයේ එක්වෙමින්.

    එම ඉඩම්වල නව නිවාස වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි. සරසවි වරම් ලබන දිළිඳු පවුල්වල සිසුන්ට නගරයට ආසන්නව අංග සම්පූර්ණ නිවසක් ලබාදීමට ද ක්‍රියා කරන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 10:13

    Latest News