මඩොල්සිම - බස් රථයක් ලබාගැනීමට උද්ඝෝෂණ (වීඩියෝ)

ජන 13, 2020
  • බදුල්ල, මඩොල්සිම, ඇකිරිය මාර්ගයේ, ඩූමා හන්දිය ප්‍රදේශයේ අද උද්ඝෝෂණයක් පැවැත්විණ.

    ඒ, අබලන් බස් රථ වෙනුවට නව බස් රථ ලබාගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්. ඊට 20,000ක පමණ පිරිසක් එක්වූහ. එම ස්ථානයට පැමිණි බදුල්ල ඩිපෝවේ කළමනාකාරවරයා, ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ප්‍රකාශ කිරීමත් සමග උද්ඝෝෂකයන් විසිර ගියේය. උද්ඝෝෂණය පැවති මෙම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් ඉකුත්දා මාලිගාතැන්න ‍ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවිය. ඉන් 8 දෙනෙකු මියගොස් හතළිස් දෙදෙනෙකු තුවාල ලැබූහ. ඉන් තුවාල ලැබූවන්ට වන්දි ලබාගැනීම, ධාවනයට නව බස් රථයක් ලබා ගැනීම, අබලන් මාර්ගය පිළිසකර කිරීම ද උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් අතර වූහ. ඒ සමඟ එහි පැමිණි බදුල්ල ඩිපෝ කළමණාකරු ඩබ්.එම්. චන්ද්‍රපාල මහතා උද්ඝෝෂකයන් සමඟ සාකච්චා කළේය. ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ඩිපෝ කළමනාකරු පොරොන්දු වීමත් සමඟ උද්ඝෝෂකයන් විසිර ගියේය.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 19:58

    Latest News