මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා ගිය 150ක් අත්අඩංගුවට

ජන 13, 2020

    පසුගිය මාස 11 තුල මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 150 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව, හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පවසයි.

    හෙරොයි,අයිස්,කේරල ගංජා,ගංජා මිශ්‍රන මදන මෝදක ගුලි,නිති විරෝධි දුම්වැටි,මත් පෙති රැගෙන පැමිණි තරුණයි මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.

    අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ගෙන් 110 දෙනෙකු වරද පිලිගෙන ඇති නිසා ඔවුන්ට දඩ මුදල් නියම කර මුදා හැර තිබේ. තවත් තරුණයන් 40 දෙනෙකුට එරෙහිව මේ මස 21 දින අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි හැටන් පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

    හැටන් පොලිස් කොට්ඨාශ දුෂන මර්දන ඒකකය, හැටන් පොලිසිය, නල්ලතන්නිය පොලිසිය, මස්කෙලිය පොලිසිය එක්ව මෙම වැටලීම් ක්‍රියාත්මකයි.

    1 1

    1 2

     2 5 1

    1 4

    1 3 1

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 10:19

    Latest News