සිරිපා වදින්න; ලක්ෂ 2ක සැහැදැවතුන්

පෙබ 04, 2019

    මෙම සති අන්තයේ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයෙන් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සඳහා සැදැහැවතුන් ලක්ෂ  දෙහමාරක් පමණ පැමිණ ඇතැයි, නල්ලතන්නිය පොලිසිය පවසයි.

    නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ගඟුල්තැන්නේ සිට ශ්‍රී පාද මළුව දක්වා පසුගිය සෙනසුරාදා අලුයම සිට දැඩි තදබදයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් වන්දනාකරුවන් 6,000කට අධික පිරිසක් ශ්‍රී පාද මළුව ආසන්නයට ගමන් කොට, වන්දනා කිරීමට නොහැකිව ආපසු හැරී ගොස් ඇති බව වාර්තා වෙයි. සැදැහැවතුන් පැමිණි බස් රථ නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 6ක් පමණ දුරක ගාල් කොට තිබුණි.

    ප්‍රමාණවත් පරිදි රථ ගාල් නොමැතිවිම මීට හේතුවයි. සති අන්තවල දී සැදැහැවතුන් බහුලවීමත්, බොහෝ පුද්ගලයන්ට නල්ලතන්නියේ සිට තම වාහනයට අධික දුරක් ගමන් කිරීමට සිදුවීමත් හේතුවෙන්, දැඩි තදබදයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් හා රියදුරන් ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව සඳහන්. පොලිස් නිවේදන පිළිපදිමින් සැදැහැවතුන් හා රියදුරන් නීත්‍යානුකූලව හා විනීතම ක්‍රියා කළ යුතු බවයි, නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පවසන්නේ.

     

    Latest News