කටුනායකට හදිසිගේ ගොඩබැස්සූ ගුවන්යානයේ මළ සිරුරු 2ක්

ජන 13, 2020

    තායිලන්ත එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද අලුයම 2.45ට පමණ කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා තිබේ.

    ජෙඩායි සිට ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපල බලා පියාසර කරමින් සිටි මෙම ගුවන් යානයේ සිටි මගින් දෙදෙනෙකුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත හදිසි ගොඩබෑස්සවීම සිදුකර තිබේ.

    යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්සවූ අවස්ථාවේ දීත් ගුවන් යානාවේදී අසනිපවූ බව කියන පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි, ගුවන් තොටුපළ බලධාරින් සදහන් කරන්නේ.

    එලෙස මිය ගොස් ඇත්තේ ඉන්දුනීසියානු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.

    Latest News