පතුලෙන් බදුලු ඔය දකින ගල්ගේලන්ද අත්වැල් පාලම

ජන 12, 2020

    බදුලු ඔය හරහා ඉදිකර ඇති තල්දෙන ගල්ගේලන්ද අත්වැල් පාලම දැඩිසේ අබලන්ව ඇතැයි ප්‍රදේශ වාසිහු පවසති.

    වසර ගණනාවක් පාලම පිළිසකර නොකිරීම මෙලෙස අබලන් වීමට හේතුවි තිබේ.

    පාළම අබලන් වීමෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තල්දෙන, ගල්ගේලන්ද 12 කණුව, කුකුරුමහන්තැන්න යන ගම්මාන වල පවුල් 300 ක් පමණ අපහසුතා රැසකට මුහුණ දී සිටිති. පාලමේ පතුලට අතුරා ඇති ලෑලි බොහොමයක් දිරාපත්ව කැඩීබිඳී විනාශයට පත්ව ඇති අතර බොහෝ තැන්වලින් පහළින් පිහිටි බදුලු ඔය දර්ශනය වේ. පාලමේ ආධාරක කම්බි ද දැඩිසේ බුරුල්වී ඇත.

    රත්‍රී කාලයේ දී පාලම දැඩි අඳුරක පවතින අතර ඒ හරහා යන එන ඇතැම් පිරිස් පාලමෙන් පහළට ඇද වැටී තුවාල සිදුකර ගන්නා බවද ජනතාව පවසති. මේ හේතුවෙන් පාසැල් දරුවන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයින් නිතර අනතුරු සිදුකර ගන්නා බවත් වාර්තාවේ.

    galgebridge1 900 px 20 01 1

    විශාල පිරිසක් භාවිතා කරන මෙම පාලම පිළිසකර නොකිරිම සම්බන්ධයෙන් මීගහකිවුල ප්‍රදේශීය සභා මන්ත්‍රී රංගන මධුමාල් සමරකෝන් මහතාගෙන් අප වාර්තාකරු විමසිමක් කර තිබේ.

    මීගහකිවුල ප්‍රදේශීය සභා මන්ත්‍රී රංගන මධුමාල් සමරකෝන්......

    ‘‘වසරක ගණනාවක් තිස්සේ පාලම අබලන්ව පවතිනවා. හරිහැටි නඩත්තුවක් සිදු නොකිරීම මීට හේතුවයි. ඒ නිසා විශාල පිරිසක් අපහසුතාවකට පත්ව සිටින බව සත්‍යයක්. නමුත් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක සපිරි ගමක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පාලමේ නඩත්තුවට රුපියල් ලක්ෂ පහක මුදලක් ලැබීමට නියමිතයි. එම මුදල් ලද වහාම අපි පාලම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා යැයි ඔහු පැවසිය.

    Latest News