පුහුණුවේදි ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට වෘත්තීය දීමනාවකට ඇමති ඩලස් එකඟ වෙයි

ජන 12, 2020

    ක්‍රීඩාවේ අනාගය සාර්ථක කිරීම පිළිබඳව සැලසුම සකස් කරන රාජ්‍ය නායකයෙකු බිහිවීම සුභදායී ලකුණක් බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් සමඟ පැවති විශේෂ හමුවකදී.

    හමුව පැවැත්වුනේ, ක්‍රීඩා අමාත්‍යාංශයේදී. ඊට සාග් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් එක්ව සිටියහ. ක්‍රීඩා උළෙලේදී මුහුණදුන්ගැටලු සහ අත්දැකීම් පිළිබඳව ඔවුන් අමාත්‍යවරයා දැනුවත් කළේය. ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙනුවෙන් නොමිලයේ ලබාදෙන පෝෂණ දීමනාව නැවතත් පිරිනැමිමටත්, පුහුණු කාලසීමාව තුළ වෘත්තීය දීමනාවක් ලබාදීමට ද අමාත්‍යවරයා මෙහිදී එකඟතාව පළ කළා.

    Latest News