මෙම පෙත්සම් අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරුවරයා විසින් හේමසිරි ප්රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහත්වරුන් ගේ නීතිඥවරුන්ට නියෝග කළේ මෙම නඩුවට අදාළ ප්රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි 10 වැනිදා ඉදිරිපත් කරන ලෙසයි.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර මාලාව වලක්වා ගැනීමට ක්රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැරීම, මිනිමැරීම සම්බන්ධයෙන් තමන් මේ වන විට මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බව හේමසිරි ප්රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහත්වරුන් සිය ප්රතිශෝධන පෙත්සම් වලින් කියා තිබේ. ඒ අනුව තමන්ට ඇප මත මුදාහරින ලෙස ඔවුන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.