පාස්කු ප්‍රහාරයේ තොරතරු පැවති ආණ්ඩුවට දැනුම් දුන්නා: ඔවුන් නොසලකා හැරියා.... පාම. විජයදාස

ජන 08, 2020

    පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම දැනුම් දුන්නද පැවති ආණ්ඩුව එය නොතකමින් ක්‍රියා කළ බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

    එබැවින්, එය වළක්වා විනාශය අවම කරගැනීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි දීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

    ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ...

    “ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව මා දිගින් දිගටම එවකට පැවති ආණ්ඩුවට අනතුරු ඇඟෙව්වා. ආණ්ඩුව ඒ කිසිවක් නොතකා කටයුතු කළ නිසා ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වාගන්න බැරිවුණා. සුදුසු තැන්වලට සුදුසු අය පත් කළේ නැහැ. දේශපාලන හේතූන් මත දේශපාලනීකරණය වූ ආයතන විසින් නුසුදුසු තැනැත්තන් පත්කිරීම නිසා තමයි මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරිවුණේ.

    අසාද් සාලි - නායක - ජාතික සමගි පෙරමුණ...

    “මේ ප්‍රහාරය එල්ල වෙන්නෙත් නැහැ. 21 වෙනිදා මේ වගේ ප්‍රහාරයක් වෙන්නෙත් නැහැ. අපි කියපු දේවල් ආණ්ඩුව පිලි අරගෙන තිබුණා නම්. මේ ජනාධිපති විමර්ශනය හොයලා මේක ගන්න පුලුවන්නම් මේ සහරාන්ව පාවිච්චි කළේ කවුද කියන එක හොයාගන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ යැයි අසාද් සාලි මහතා පැවසීය.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 20:39

    Latest News