ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝගයට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සළකා බැලීම සඳහා මැයි 2 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ප්‍රතිත්‍රස්ත පනතේ අන්තර්ගතය හා එය ගෙන ඒමේ අරමුණ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මල්වතු සහ අස්ගිරි මහ මහනාහිමිවරුන් වෙත පැහැදිළි කළා.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම දැනුම් දුන්නද පැවති ආණ්ඩුව එය නොතකමින් ක්‍රියා කළ බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

දේශපාලන ඉලක්ක මත පදනම් වෙමින් දරුවන්ගේ අනාගතය පිළිබඳ තීරණ නොගත යුතු බව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Latest News