රෝගී සත්කාරකයට සෞඛ්‍ය සේවක කැපවීම අවශ්‍යයි; ඇමති පවිත්‍රා (වීඩියෝ)

ජන 08, 2020
  • රජයේ රෝහල්වල පහසුකම් හා රෝගී සත්කාරක සේවා කාර්යක්‍ෂම කිරීමට සෞඛ්‍ය සේවකයින් කැපවිය යුතු බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද (08) පැවති උත්සවයක දී මේ බව අවධාරණය කෙරිණ. මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමේ අදහසින් ක්‍රියාත්මක ව්‍යාපෘති ඇගයීමට ලක් කරනු ලැබීය. ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ රෝහල් 63ක වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, ඊට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 36ක්. වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන රෝහල් 20ක් අද ඇගයීමට ලක් කෙරිණ. අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය ව්‍යාපෘතිවලින් ප්‍රථම ස්ථානය හිමිවූයේ මයිලඩ් රෝහලටයි. දෙවැනි ස්ථානය බණ්ඩාරගම රෝහලට ද තෙවැනි ස්ථානය කීරගල රෝහලට ද හිමිවිය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය....

    “දොස්තර නෝනා මහත්වරු මං හිතනවා අපේ ජනතාවට අපේ ආහාර රටාව හරියටම පරණ කාපු දේ කන-බොන තත්වයකට ජනතාව දැනුවත් කළොත් මේ රට බෙහෙත්වලට බිලියන 120ක් අවුරුද්දකට වියදම් කරන රටක් බවට පත් නොවේවී“ යැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 20:25

    Latest News