සිංගප්පුරු- ශ්‍රී ලංකා වෙළෙඳ ආයෝජන ගැන එකඟතාවක් (වීඩියෝ)

ජන 08, 2020
  • ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, සිංගප්පුරු නීතිය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය කේ.ශන්මුගම් මහතා හමුවී තිබේ.

    ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. දෙරටට වැදගත්වන වෙළෙඳ හා ආයෝජන ක්‍ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම පුළුල්ව සාකච්ජා කොට තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීම, සයිබර් ආරක්‍ෂණය, අන්තවාදය පිටුදැකීම, විදේශ බලවේගයන්ගේ තර්ජනය හා බලපෑම්, බුද්ධි අංශ වර්ධනය කිරීම ඇතුළු කලාපීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව දෙපාර්ශවයේ අවධානය මෙහිදී යොමු වී තිබේ.

    Pm px 900 08 01 20

    මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, අමාත්‍ය කේ ශන්මුගම් මහතා හමුවී තිබේ. හමුව ඊයේ සවස පැවැත්වුණේ, අරලියගහ මන්දිරයේදී. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා සිංගප්පුරු අමාත්‍යවරයා අතර පැවති රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර දෙරටට බලපාන ද්විපාර්ශ්වික කරුණු රැසක් සාකච්ජා කෙරිණ. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් හා අන්තර් ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 19:12

    Latest News