රන්ජන්ගේ හඩ පටයෙන් වරප්‍රසාද උල්ලංඝණයක් - පොලීසියට පැමිණිලි කරනවා - අමාත්‍ය මහින්දාන්ද

ජන 07, 2020

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධ හඬපටවලින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි පවසමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (7)  පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

     මෙය ඉතාමත් අවසනාවන්ත තත්ත්වයක් බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදි පෙන්වා දුනි. මේ සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ද ප්‍රකාශයක් කළ යුතු බව ද අමාත්‍යවරයා කීය. මේ සම්බන්ධයෙන් පැවැති රජයේ කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවද ඔහු පැවසිය. මේ නිසා තම වරප්‍රසාද උල්ලංඝණය වී තිබෙන බවත් හෙට පොලීසියට පැමිණිලි කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 18:21

    Latest News